අළු බදාදා"

 


අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අපට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.


අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.



එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කර ඒම අළු සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.


ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.



ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකු



Comments

Post a Comment