කිතුණුවෙක් ලෙස හෝ කතෝලිකයෙක් ලෙස හෝ ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද? එසේම එළිදරව්වන්නේ කුමක්ද?
සමස්ත මුළු බයිබලය තුළම ක්‍රිස්තුස් ජේසුස්වහන්සේගේ දේවත්වය,ඒ කියන්නේ උන්වහන්සේ එකම සර්ව බලධාරී දෙවියන්වහන්සේ ලෙස එළිදරව් වන සඟවා තබා තිබෙන ගැඹුරු අභිරහස්මය වචන 176 ක් තුලින් වචන කිහිපයක් පමනක් පහලින් සටහන් කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම තුළ මා කටයුතු කරමි.
📖 ඇත්තේ *එකම දෙවියන්වහන්සේ බව නුබ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය.
යාකෝබ් 2:19
𝚃𝚑𝚘𝚞 𝚋𝚎𝚕𝚒𝚎𝚟𝚎𝚜𝚝 𝚝𝚑𝚊𝚝 *𝚝𝚑𝚎𝚛𝚎 𝚒𝚜 𝚘𝚗𝚎 𝙶𝚘𝚍;𝚝𝚑𝚘𝚞 𝚍𝚘𝚎𝚜𝚝 𝚠𝚎𝚕𝚕.
𝙹𝙰𝙼𝙴𝚂 2:19
* එකම දෙවියන්වහන්සේ....
𝚃𝚑𝚎𝚛𝚎 𝚒𝚜 𝚘𝚗𝚎 𝙶𝚘𝚍....
යුදෙව්,ක්‍රිස්තියානී හා ඉස්ලාම් යන ධර්මතාවයන් තුළ "ඒක දේවවාදය " එනම් එකම දෙවි කෙනෙකු පිළිබඳ සංකල්පය හා ඇදහිල්ල පවතින බැවින් කිතුනුවන් ලෙස අපගේ එකම සර්වබලධාරී "දෙවියන්වහන්සේගේ අනන්‍යතාවය" (ɪᴅᴇɴᴛɪꜰɪᴄᴀᴛɪᴏɴ) ස්ථිරවම හෙළිදරව් කරගැනීම ඉතා වැදගත්වේ.
මන්ද,යුදෙව් හා ඉස්ලාම් ධර්මතාවයන් තුළ එම සර්වබලධාරී දෙවියන්ගේ පුද්ගලික අනන්‍යතාවය හරියාකාරව හෙළිදරව් නොවන නිසා මෙසේ ලීවෙමි.එසේම ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එකම දෙවියන්වහන්සේ හැටියට පිළිනොගන්නා නිසා කිතුනුවන් ලෙස අපටත් එසේ කළ හැකිද❓❓❓මන්ද නියම කිතුණුවා එසේම නියම කතෝලිකයා ඒක දේවවාදී පුද්ගලයෙකි.දෙවියන් කොටස් කර බෙදා වෙන්කර දෙවිදුන් දෙතුන් දෙනෙක්ම නොඅදහන්නෙකි.
එසේනම් දැන් අපි ශුද්ධ ලියවිල්ල දෙසට හැරෙමු.
📖 5: ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුබලා තුලත් තිබේවා.
6: *උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරණසේක්,👈
පිලිප්පි 2:5-6
5:𝙻𝚎𝚝 𝚝𝚑𝚒𝚜 𝚖𝚒𝚗𝚍 𝚋𝚎 𝚒𝚗 𝚢𝚘𝚞, 𝚠𝚑𝚒𝚌𝚑 𝚠𝚊𝚜 𝚊𝚕𝚜𝚘 𝚒𝚗 𝙲𝚑𝚛𝚒𝚜𝚝 𝙹𝚎𝚜𝚞𝚜.
6: *𝚆𝚑𝚘, 𝚋𝚎𝚒𝚗𝚐 𝚒𝚗 𝚝𝚑𝚎 𝚏𝚘𝚛𝚖 𝚘𝚏 𝙶𝚘𝚍.👈
𝙿𝙷𝙸𝙻𝙸𝙿𝙸𝙰𝙽𝚂 ᵏʲᵛ 2:5-6
📖 13: පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
14: උන්වහන්සේ තුළ අපගේ මිදීම වන පව්වලට කමාව අපට තිබේ.
15: *උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය,මුළු මැවිල්ලේ කුලුඳුලානෝය.👈
16: මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහි ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවනලද්දේය ; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;
17: උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක,සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය.
කොලොස්සි 1:13-17
*𝚆𝚑𝚘 𝚒𝚜 𝚝𝚑𝚎 𝚒𝚖𝚊𝚐𝚎 𝚘𝚏 𝚝𝚑𝚎 𝚒𝚗𝚟𝚒𝚜𝚒𝚋𝚕𝚎 𝙶𝚘𝚍,👆 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝 𝚋𝚘𝚛𝚗 𝚘𝚏 𝚎𝚟𝚎𝚛𝚢 𝚌𝚛𝚎𝚊𝚝𝚞𝚛𝚎.
𝙲𝙾𝙻𝙾𝚂𝚂𝙸𝙰𝙽𝚂 1:15ᵏʲᵛ
📖 2: මේ දවස්වල කෙළවර දී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කතා කරවූසේක, උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.
3: *උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්,👈
හේබ්‍රෙව් 1:2-3
2:𝙷𝚊𝚝𝚑 𝚒𝚗 𝚝𝚑𝚜𝚎𝚜 𝚕𝚊𝚜𝚝 𝚍𝚊𝚢𝚜 𝚍𝚊𝚢𝚜 𝚜𝚙𝚘𝚔𝚎𝚗 𝚞𝚗𝚝𝚘 𝚞𝚜 𝚋𝚢 𝚑𝚒𝚜 𝚂𝚘𝚗, 𝚠𝚑𝚘𝚖 𝚑𝚎 𝚑𝚊𝚝𝚑 𝚊𝚙𝚙𝚘𝚒𝚗𝚝𝚎𝚍 𝚑𝚎𝚒𝚛 𝚘𝚏 𝚊𝚕𝚕 𝚝𝚑𝚒𝚗𝚐𝚜, 𝚋𝚢 𝚠𝚑𝚘𝚖 𝚊𝚕𝚜𝚘 𝚑𝚎 𝚖𝚊𝚍𝚎 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍𝚜.
3:*𝚆𝚑𝚘 𝚋𝚎𝚒𝚗𝚐 𝚝𝚑𝚎 𝚋𝚛𝚒𝚐𝚑𝚝𝚗𝚎𝚜𝚜 𝚘𝚏 𝚑𝚒𝚜 𝚐𝚕𝚘𝚛𝚢, 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝚎𝚡𝚙𝚛𝚎𝚜𝚜 𝚒𝚖𝚊𝚐𝚎 𝚘𝚏 𝚑𝚒𝚜 𝚙𝚎𝚛𝚜𝚘𝚗.👈
𝙷𝙴𝙱𝚁𝙴𝚆𝚂 1:2-3ᵏʲᵛ
📖 මම අල්පා සහ ඔමෙගාය,පළමුවෙනියා සහ අන්තිමයාය.පටන්ගැන්ම සහ කෙළවරය.👈
එළිදරව් 22:13 (ක්‍රිස්තුස්වහන්සේ)
𝙸𝚊𝚖 𝙰𝚕𝚙𝚑𝚊 𝚊𝚗𝚍 𝙾𝚖𝚎𝚐𝚊, 𝚝𝚑𝚎 𝚋𝚎𝚐𝚒𝚗𝚗𝚒𝚗𝚐 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝚎𝚗𝚍, 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝚕𝚊𝚜𝚝.👈
𝚁𝙴𝚅𝙴𝙻𝙰𝚃𝙸𝙾𝙽 22:13ᵏʲᵛ[𝙻𝙾𝚁𝙳 𝙹𝙴𝚂𝚄𝚂]
📖 පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ට කළේ කවුද? පළමුවෙනියා වූ අන්තිමයන් සමගත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය.මම ඒ තැනන්වහන්සේය.👈
යෙසායා 41:4(යේසුස්වහන්සේ )
𝚆𝚑𝚘 𝚑𝚊𝚝𝚑 𝚠𝚛𝚘𝚞𝚐𝚑𝚝 𝚊𝚗𝚍 𝚍𝚘𝚗𝚎 𝚒𝚝, 𝚌𝚊𝚕𝚕𝚒𝚗𝚐 𝚝𝚑𝚎 𝚐𝚎𝚗𝚊𝚛𝚊𝚝𝚒𝚘𝚗 𝚏𝚛𝚘𝚖 𝚝𝚑𝚎 𝚋𝚎𝚐𝚒𝚗𝚗𝚒𝚗𝚐? 𝙸 𝚝𝚑𝚎 𝙻𝙾𝚁𝙳 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝, 𝚊𝚗𝚍 𝚠𝚒𝚝𝚑 𝚝𝚑𝚎 𝚕𝚊𝚜𝚝;𝙸 𝚊𝚖 𝚑𝚎.👈
𝙸𝚂𝙰𝙸𝙰𝙷 41:4ᵏʲᵛ(𝙻𝙾𝚁𝙳 𝙹𝙴𝚂𝚄𝚂)
📖 මක්නිසාද ස්වාමීන්වහන්සේ මිස දෙවියන්වහන්සේ වෙන කවුද?
2 සාමුවෙල් 22:32
𝙵𝚘𝚛 𝚠𝚑𝚘 𝚒𝚜 𝙶𝚘𝚍 𝚋𝚎𝚜𝚒𝚍𝚎𝚜 𝚝𝚑𝚎 𝙻𝚘𝚛𝚍?
2 𝚂𝙰𝙼𝚄𝙴𝙻 22:32
📖 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවි කෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස,
1 රාජාවලිය 8:59
𝚃𝚑𝚊𝚝 𝚊𝚕𝚕 𝚝𝚑𝚎 𝚙𝚎𝚘𝚙𝚕𝚎 𝚘𝚏 𝚝𝚑𝚎 𝚎𝚊𝚛𝚝𝚑 𝚖𝚊𝚢 𝚔𝚗𝚘𝚠 𝚝𝚑𝚊𝚝 𝚝𝚑𝚎 𝙻𝙾𝚁𝙳 𝚒𝚜 𝙶𝚘𝚍, 𝚊𝚗𝚍 𝚝𝚑𝚊𝚝 𝚝𝚑𝚎𝚛𝚎 𝚒𝚜 𝚗𝚘𝚗𝚎 𝚎𝚕𝚜𝚎.
1𝙺𝙸𝙽𝙶 8:60𝚔𝚓𝚟
☝☝☝☝☝☝☝👆👆👆👆👆👆👆👆
රෝම 10:9 (ඇදහිල්ලේ වාක්‍යය)ලෙස යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ යයි අදහන්නෙහි නම් ස්වාමීන්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ බව අමුතුවෙන් ඒත්තු ගැන්වීමට අවශ්‍ය නැත.හැබැයි යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව ප්‍රකාශ කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය අත්‍යවශ්‍යය.( 1කොරින්ති 12:3)
📖 ඊශ්‍රායල්ගේ රජයද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක :මම පළවෙනියාය,අන්තිමයත් මමය ;*මා ඇර වෙන දෙවි කෙනෙක් නැත.👈
යෙසායා 44:6( ක්‍රිස්තුස්වහන්සේ)
𝚃𝚑𝚞𝚜 𝚜𝚊𝚒𝚝𝚑 𝚝𝚑𝚎 𝙻𝙾𝚁𝙳 𝚝𝚑𝚎 𝙺𝚒𝚗𝚐 𝚘𝚏 𝙸𝚜𝚛𝚊𝚎𝚕, 𝚊𝚗𝚍 𝚑𝚒𝚜 𝚛𝚎𝚍𝚎𝚎𝚖𝚎𝚛 𝚝𝚑𝚎 𝙻𝙾𝚁𝙳 𝚘𝚏 𝚑𝚘𝚜𝚝𝚜;𝙸 𝚊𝚖 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝, 𝚊𝚗𝚍 𝙸 𝚊𝚖 𝚝𝚑𝚎 𝚕𝚊𝚜𝚝;*𝚊𝚗𝚍 𝚋𝚎𝚜𝚒𝚍𝚎 𝚖𝚎 𝚝𝚑𝚎𝚛𝚎 𝚒𝚜 𝚗𝚘 𝙶𝚘𝚍.👈
𝙸𝚂𝙰𝙸𝙰𝙷 44:6 ᵏʲᵛ(𝙻𝙾𝚁𝙳 𝙹𝙴𝚂𝚄𝚂)
📖 තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනැන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම්දී තිබෙන බව දනිමුව, සැබෑ වූ තැනැන්වහන්සේ තුළ එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප සිටිමුව. *සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාල ජීවනයද මුන්වහන්සේමය. 👈
1යොහාන් : 5:20
𝙰𝚗𝚍 𝚠𝚎 𝚔𝚗𝚘𝚠 𝚝𝚑𝚊𝚝 𝚝𝚑𝚎 𝚂𝚘𝚗 𝚘𝚏 𝙶𝚘𝚍 𝚒𝚜 𝚌𝚘𝚖𝚎, 𝚊𝚗𝚍 𝚑𝚊𝚝𝚑 𝚐𝚒𝚟𝚎𝚗 𝚞𝚜 𝚊𝚗 𝚞𝚗𝚍𝚎𝚛𝚜𝚝𝚊𝚗𝚍𝚒𝚗𝚐, 𝚝𝚑𝚊𝚝 𝚠𝚎 𝚖𝚊𝚢 𝚔𝚗𝚘𝚠 𝚑𝚒𝚖 𝚝𝚑𝚊𝚝 𝚒𝚜 𝚝𝚛𝚞𝚎, 𝚊𝚗𝚍 𝚠𝚎 𝚊𝚛𝚎 𝚒𝚗 𝚑𝚒𝚖 𝚝𝚑𝚊𝚝 𝚒𝚜 𝚝𝚛𝚞𝚎, 𝚎𝚟𝚎𝚗 𝚒𝚗 𝚑𝚒𝚜 𝙳𝚘𝚗 𝙹𝚎𝚜𝚞𝚜 𝙲𝚑𝚛𝚒𝚜𝚝. *𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚝𝚑𝚎 𝚝𝚛𝚞𝚎 𝙶𝚘𝚍, 𝚊𝚗𝚍 𝚎𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝚕𝚒𝚏𝚎. 👈
1 𝙹𝙾𝙷𝙽 5:20ᵏʲᵛ
📖 9:*මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය.👈
10: සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුබලා පූර්ණව සිටින්නහුය.
කොලොස්සි 2:9-10
9:*𝙵𝚘𝚛 𝚒𝚗 𝚑𝚒𝚖 𝚍𝚠𝚎𝚕𝚕𝚎𝚝𝚑 𝚊𝚕𝚕 𝚝𝚑𝚎 𝚏𝚞𝚕𝚗𝚎𝚜𝚜 𝚘𝚏 𝚝𝚑𝚎 𝙶𝚘𝚍𝚑𝚎𝚊𝚍 𝚋𝚘𝚍𝚒𝚕𝚢.👈
10:𝚊𝚗𝚍 𝚢𝚎 𝚊𝚛𝚎 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 𝚒𝚗 𝚑𝚒𝚖, 𝚠𝚑𝚒𝚌𝚑 𝚒𝚜 𝚝𝚑𝚎 𝚑𝚎𝚊𝚍 𝚘𝚏 𝚊𝚕𝚕 𝚙𝚛𝚒𝚗𝚌𝚒𝚙𝚊𝚕𝚒𝚝𝚢 𝚊𝚗𝚍 𝚙𝚘𝚠𝚎𝚛.
𝙲𝙾𝙻𝙾𝚂𝚂𝙸𝙰𝙽𝚂 2:9-10ᵏʲᵛ
📖 නුමුත් පුත්‍රයා ගැන කතාකොට : *දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලයටම පවත්නේය.ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තිය ජය කොන්තයක්ය.
හේබ්‍රෙව් 1:8
𝙱𝚞𝚝 𝚞𝚗𝚝𝚘 𝚝𝚑𝚎 𝚂𝚘𝚗 𝚑𝚎 𝚜𝚊𝚒𝚝𝚑, 𝚃𝚑𝚢 𝚝𝚑𝚛𝚘𝚗𝚎, *𝙾 𝙶𝚘𝚍, 𝚒𝚜 𝚏𝚘𝚛 𝚎𝚟𝚎𝚛 𝚊𝚗𝚍 𝚎𝚟𝚎𝚛:𝚊 𝚜𝚌𝚎𝚙𝚝𝚛𝚎 𝚘𝚏 𝚛𝚒𝚐𝚑𝚝𝚎𝚘𝚞𝚜𝚗𝚎𝚜𝚜 𝚒𝚜 𝚝𝚑𝚎 𝚜𝚌𝚎𝚙𝚝𝚛𝚎 𝚘𝚏 𝚝𝚑𝚢 𝚔𝚒𝚗𝚐𝚍𝚘𝚖.
𝙷𝙴𝙱𝚁𝙴𝚆𝚂 1:8
* දෙවියන්වහන්ස = 𝙾 𝙶𝚘𝚍
📖 තෝමස් උත්තර දෙමින් :මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.👈
ශු. යොහාන් 20:28
𝙰𝚗𝚍 𝚃𝚑𝚘𝚖𝚊𝚜 𝚊𝚗𝚜𝚠𝚎𝚛𝚎𝚍 𝚊𝚗𝚍 𝚜𝚊𝚒𝚍 𝚞𝚗𝚝𝚘 𝚑𝚒𝚖, 𝙼𝚢 𝙻𝚘𝚛𝚍 𝚊𝚗𝚍 𝚖𝚢 𝙶𝚘𝚍.👈
𝙹𝙾𝙷𝙽 20:28ᵏʲᵛ
මුළු විශ්වය තුළ ඇති ඇසට පෙනෙන හා ඇසට නොපෙනෙන සෑම කුඩා හෝ ලොකු පදාර්ථයකම ඊටම ආවේණික වූ නිශ්චිත හැඩයක් (image) එකක් පවතින බව පරම සත්‍යවේ.එසේ නම් ඒ සියලු හැඩතල නිර්මාණය කළා වූ සර්ව බලධාරී දෙවියන්වහන්සේ වන මැවුම්කරුතුමාට හැඩයක් නෑ කියලද ඔබ සිතන්නේ? යුදෙව් හා ඉස්ලාම් ධාර්මිකයන් එසේ විශ්වාස කළත් ඔබටත් කිතුණුවෙක් ලෙස එසේ කළ හැකිද ❓
ඉහත දේව වදන් සියල්ල දෙස සුපරික්ෂාකාරීව සෝදිසිකොට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ අධ්‍යයනය කරන විට "අදෘශ්‍යමාන දෙවියන්වහන්සේ" (invisible God) යම් "ස්වරූපයකින්" (his image) ප්‍රදර්ශනයවන්නට කැමැතිසේක්ද එම ස්වරූපය (image) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙසින් පිළිබිඹුවන්නට උන්වහන්සේ ඉතා කැමති බව පැහැදිලි ලෙසටම එළිදරව්වේ.
එසේම සර්වබලධාරී මැවුම්කාර එකම දෙවියන්වහන්සේ ස්වාමීවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෙස පෙනී සිටින්නට කාගෙන් නම් අවසර ගත යුතුද❓ කාගෙන් හෝ කුමන නීතිමය තහනමක්ද❓එය කුමන පාපයක්ද❓ එසේම එය වැරදි වැඩක්ද ❓ එසේ පෙනී සිටීම නොකටයුතු වැඩක් ලෙස බයිබලයේ කොහේ හෝ සඳහන් වී තිබේද ❓
ඉතින් ප්‍රේමවන්තයිනේ අති ශුද්ධ ලියවිල්ලට අනුව සිටියාවූ බයිබලීය අපෝස්තුළුවරුන්ට, ඇතැම් බයිබලීය අනාගතවක්තෘවරුන්ට හා ඇතැම් පූජකයන්ට එළිදරවු වුණා සේ අප ස්වාමීවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඔබගේ එකම සර්වබලධාරී පියවු දෙවියන්වහන්සේ යයි ඔබ විශ්වාස කරන්නෙහි නම් හෝ අදහන්නෙහි නම් හෝ පමනක්,නිර්භීතව හා එඩිතරව හැමෝටම දැනෙන්නට සහ පෙනෙන්නට Amen ❤❤❤කියා ඔබගේ වටිනා ප්‍රතිචාරය පහළින් දක්වන්න.
මොකද ගොඩක් අයට යේසුස්වහන්සේ එකමවූ සර්ව බලධාරී දෙවියන්වහන්සේ ලෙස (ᵗʰᵉ ʟᴏʀᴅ ᴊᴇꜱᴜꜱ ɪꜱ ᴛʜᴇ ᴀʟᴍɪɢʜᴛy ɢᴏᴅ)කියන්නට තරම් ශක්තියක් නම් නැහැ.එසේ කියන්නට ශක්තිමත් ඇදහිල්ලක්ද එලිදරව්ද නැහැ.උන්වහන්සේ පත්කල දේවදාසයෙකු ලෙස අවුරුදු බර ගණනාවක අත්දැකීමෙන් තමයි මං මේ දේ උනත් කියන්නේ.බොහෝ දෙනෙක් එම කාරණාවේදී දෙසිත් ඇත්තන් ලෙස පැකිලෙනවා යන්න මා දැක ඇති ශෝචනීයම තත්වයයි.
එසේම දේවවාදී සංකල්පය ඇති බහුතරයක් දෙනා විශ්වයේ පවතින උසස්ම "තනතුරු නාමය"(designation) එනම් පදවිනාමය වන "දෙවියන්වහන්සේ "(The God)යන්නෙන් විවිධ වූ භාෂාවන් තුළ උච්චාරණය කරනු ලබන නමුදු, එම තනතුරු නාමය දරන්නාගේ "පුද්ගලික නාමය" (personal name)පැහැදිලිවම ප්‍රකාශ කිරීමට අපොහොසත්ව සිටිති.
එසේම ඇතැම් කිතුනු නිකායන් සහ ඉගැන්වීම් තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ එකම සර්වබලධාරී දෙවියන්වහන්සේ ලෙස පිළිනොගනිති.සමහර නිකායන්වලට අනුව උන්වහන්සේ නිකම්ම නිකං යේසුස්...එයට හේතුව ඒ සම්භන්දව ශුද්ධාත්මයාණන්වහන්සේගේ ගැඹුරු එළිදරව් ඔවුන්ට නොලැබීමය.
📖 උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක.මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුබලාට ප්‍රකාශ කරනසේක.
යොහාන් 16:14( ශුද්ධාත්මයාණන්වහන්සේ
ගැන)
𝙷𝚎 𝚜𝚑𝚊𝚕𝚕 𝚐𝚕𝚘𝚛𝚒𝚏𝚢 𝚖𝚎:𝚏𝚘𝚛 𝚑𝚎 𝚜𝚑𝚊𝚕𝚕 𝚛𝚎𝚌𝚎𝚒𝚟𝚎 𝚘𝚏 𝚖𝚒𝚗𝚎, 𝚊𝚗𝚍 𝚜𝚑𝚊𝚕𝚕 𝚜𝚑𝚎𝚠 𝚒𝚝 𝚞𝚗𝚝𝚘 𝚢𝚘𝚞.
𝙹𝙾𝙷𝙽 16:14ᵏʲᵛ(𝚊𝚋𝚘𝚞𝚝 𝚝𝚑𝚎 𝙷𝚘𝚕𝚢 𝚂𝚙𝚒𝚛𝚒𝚝)
එසේම මේ ලෝකයේ දෙවියා වන යක්ෂයා එනම් සාතන් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ඇතුළු උන්වහන්සේගේ සියලු සර්වබලධාරීකම් අඩංගු උන්වහන්සේ සන්තක සියල්ල සපිරි "මහිමය "(𝚐𝚕𝚘𝚛𝚢)එනම් ඒ තේජස නොපෙනෙන ලෙස ඇදහිල්ල නොමැති ඔවුන්ගේ සිත් අන්ධ කරල තිබෙනවා.
📖 නොඇදහිලිකාර වූ ඔවුන් තුළ *දෙවියන්වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය.
2 කොරෙන්ති 4:4
𝙸𝚗 𝚠𝚑𝚘𝚖 𝚝𝚑𝚎 𝚐𝚘𝚍 𝚘𝚏 𝚝𝚑𝚒𝚜 𝚠𝚘𝚛𝚕𝚍 𝚑𝚊𝚝𝚑 𝚋𝚕𝚒𝚗𝚍𝚎𝚍 𝚝𝚑𝚎 𝚖𝚒𝚗𝚍𝚜 𝚘𝚏 𝚝𝚑𝚎𝚖 𝚠𝚑𝚒𝚌𝚑 𝚋𝚎𝚕𝚒𝚎𝚟𝚎 𝚗𝚘𝚝, 𝚕𝚎𝚜𝚝 𝚝𝚑𝚎 𝚕𝚒𝚐𝚑𝚝 𝚘𝚏 𝚝𝚑𝚎 𝚐𝚕𝚘𝚛𝚒𝚘𝚞𝚜 𝚐𝚘𝚜𝚙𝚎𝚕 𝚘𝚏 𝙲𝚑𝚛𝚒𝚜𝚝,* 𝚠𝚑𝚘 𝚒𝚜 𝚝𝚑𝚎 𝚒𝚖𝚊𝚐𝚎 𝚘𝚏 𝙶𝚘𝚍, 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚜𝚑𝚒𝚗𝚎 𝚞𝚗𝚝𝚘 𝚝𝚑𝚎𝚖.
2 𝙲𝙾𝚁𝙸𝙽𝚃𝙷𝙸𝙰𝙽𝚂ᵏʲᵛ 4:4
* දෙවියන්වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස්වහන්සේ = 𝚠𝚑𝚘 𝚒𝚜 𝚝𝚑𝚎 𝚒𝚖𝚊𝚐𝚎 𝚘𝚏 𝙶𝚘𝚍.
👆👆👆👆👆👆👆👆👆👆👆👆
එම නිසා බොහෝ දෙනෙක් ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආනුභාවය හා හෙලිදරව්ව නොමැති කමේන් මෙන්ම යක්ෂයා විසින් සිත අන්ධ කළ නිසා මා ඉහතින් සඳහන් කළ ලෙස ඒ කාරණාව සම්බන්ධව පැකිලෙති.එසේම එවැනි පුද්ගලයන් ක්‍රිස්තුස්වහන්සේ ගැන සුළුවෙන් සිතන්නට පෙළඹෙති.එසේම උන්වහන්සේව සෘජුව හෝ ව්‍යංගාර්ථයෙන් හෝ සුළුකොට කතා කරති, දේශනාකරති... ප්‍රේමවන්තයිනේ එබඳු අයගෙන් ප්‍රවේශම්වන්න.මංද ඔවුන් කව්රුන් හෝ වේවා තමන් ගැන අධිතක්‌සේරුවෙන් සිතන ලප හා කැලල් ඇති බැටළු පැටවුන්ය.
📖 යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශිර්වාදලද්දකැයි ඔවුන්ට කීසේක.
ශු. ලූක් 7:23( යේසුස්වහන්සේ )
𝙰𝚗𝚍 𝚋𝚕𝚎𝚜𝚜𝚎𝚍 𝚒𝚜 𝚑𝚎? 𝚆𝚑𝚘𝚜𝚘𝚎𝚟𝚎𝚛 𝚜𝚑𝚊𝚕𝚕 𝚗𝚘𝚝 𝚋𝚎 𝚘𝚏𝚏𝚎𝚗𝚍𝚎𝚍 𝚒𝚗 𝚖𝚎.
𝙻𝚄𝙺𝙴 7:23ᵏʲᵛ(𝙻𝚘𝚛𝚍 𝙹𝙴𝚂𝚄𝚂)
ඔබ සියළුම දෙනාට ජේසු පිහිටයි ❤❤❤
(එසේම පහතින් දක්වා තිබෙන ඡායාරූපයේ සිටින්නේ සැබෑවූ එකම සර්වබලධාරී මැවුම්කාර දෙවියන්වහන්සේ වන අප ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේම නොව යම් කෙනෙකුගේ සිතැගි සිතුවමක් බව පවසමි)
Sewvandi Deheregoda
Comments
Post a Comment